ක්‍රිකට් ලොවේ සදාකාලික විශිෂ්ඨයා… ශ්‍රිමත් ගාෆීල්ඩ් සෝබර්ස් සමුගනි.

බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සොබර්ස් ඊයේ සිය දිවි සැරිය නිමාකර තිබේ . 1936 ජූලි 28 වනදා බ්‍රිතාන්‍ය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී බාබඩෝස් දිවයිනේ ශාන්ත මයිකල් හී උපත ලද ඔහු සිය 90 වැනි උපන්දිනයට දින 11 ක් තිබියදී මියගිය පුවත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය අද අළුයම නිවේදනය කර ඇත .

සිය ක්‍රිකට් ජීවිතයේදී කොදෙව් පිලට අමතරව බාබඩෝස් දිවයින් පිල, එංගලන්තයේ නොටිංහැම්ප්ෂයර් පිල සහ දකුණු ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කළ ගාෆීල්ඩ් සොබර්ස් සිය ටෙස්ට් තරග 93 කදී ලකුණු 8032 ලබාගැනීමට සමත් විය . ඊට අමතරව ටෙස්ට් ඉනිමකදී ලකුණු 365 ක් ලබා ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාගේ වාර්තාව දිගු කලක් තමා සතුව තබාගත්තේය. බ්‍රයන් ලාරා වීසින් සෝබර්ස් ගේ වාර්තාව පසු කලක බිඳ දමනා ලදි .

ටෙස්ට් තරග 93 කට මුහුණ දුන් ඔහු ඉනිම් 160 ක් ක්‍රීඩාකර ලකුණු 8032 ක් ලබා ඇත . වැඩිම ලකුණු සංඛ්‍යාව 365 ක් වන අතර අවස්ථා 21 කදී සෝබර්ස් නොදවී සිට ඇත

පන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් තරග 93 කදී ඉනිම 159 ක් තුළ පන්දු 21599 ක් යවා ඇති ඔහු ලකුණු 7999 ක් ලබාදී කඩුළු235 බිඳ දමා ඇත. 1973 සැප්තැම්බර් 5 වන්දා එංගලන්තයට එරෙහිව එක්දින තරගයකට ක්‍රීඩාකළ සෝබර්ස් එහිදි පන්දු 63 ක් යවා ලකුණු 31 කට 1 කඩුල්ලක් ලබාගෙන ඇත. සේබර්ස් එම තරගයේදී පිතිකරුවෙක් ලෙස ලකුණු ලබාගෙන නැත. එම තරගය එංගලන්තය විසින් එක කඩුල්ලකින් ජයගන්න ලදි . එය ගාෆිල්ඩ් සොබර්ස්ගේ පළමු සහ අවසාන එක් දින තරගය විය.

1968 අගෝස්තුවේ පැවති එංගලන්ත‍යේ ස්වාන්සි හී පැවති ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රිකට් තරගයකදී නොටිංහැම්ප්ෂයර් පිල වෙනුවෙන් ක්‍රීඩාකළ සෝබර්ස් ගැලැමෝගර්න් පිලේ මැල්කම් නෑෂ් නැමති පන්දු යවන්නා යවූ ඕවරයේ පන්දු 6 ටම හයේ පහර 6 ක් එල්ල කළ ලෝක වාර්තාවක් තැබුවේය .

ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය සළකා දෙවන එළිසබෙත් රැජින වීසින් 1975 දී සොබර්ස් හට නයිට් නාමයක් පිරිනැමුවේය .

1983 පෲඩෙන්ෂල් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රි ලංකා පිලේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ ගාෆීල් සෝබර්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කැපීපෙනෙන වැඩකොටසක් කරනා ලදි .