කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවට හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක අද (17) පෙරවරුවේ කැඳවා තිබුනාය .
කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය පැවති සමයේ රජයේ ආයතනයක් වන සතොස හරහා අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති ජනතාව වෙත ආහාර වවුචර් ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් කරුණු විමසී සඳහා තමා කොමිසම හමුවට කැඳවා තිබූ බව ඇය මාධ්‍යට කරුණු දක්වමින් පැවසූවාය .
“ජනතාවට කියන්න ඇයි මාව කැඳෙව්වේ කියලා. වසංගතය සහ ආර්ථික අර්බුදය අතරතුර අපි සතොසෙන් දුප්පත් ජනතාවට ආහාර වවුචර් ලබා දුන්නා. ඒ වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්නයි මාව කැඳෙව්වේ,” ඇය පැවසූවාය .