තරග පාවා දීමේ චෝදනාවට ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්ඩංගුවට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ . ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම දෙන්නා අත් අඩංගුවට ගෙන ඇත .

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන දෙදෙනාය .

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර අද රාත්‍රී 7.30ට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත‍ව තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇත .