ගිනි අවියක් සමග ඇල්ලූ සජබ මන්ත්‍රී රිමාන්ඩ් .

ගිනි අවියක් නීතිවිරෝධීව සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අමිත් චතුරංග නොහොත් “බටපොල නින්දානේ චුට්ටේ” හෙට (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (11) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, රිපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක් නීතිවිරෝධීව සන්තකයේ තබාගැනීමේ චෝදනාවට අදාළවයි.