පාසල් නිළ ඇඳුම වෙනස් කරයි

පාසල් සිසුන්ට මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා සිය පාසැල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැ. මීට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ ඩෙංගු රෝගය පාසැල් ළමුන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන නිසා මෙම තීරණය ගත් බවයි .

මෙම තීරණය සම්බන්ධයෙන් සියලු විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබදව වැඩි දුර උපදෙස් නිල වශයෙන් දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි .