මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවු රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතිබව වාර්තා වේ .
ඒ අනුව හෙට (13) සිට නඩු කටයුතු සදහා මුහුණදීමට සිටින බන්ධනාගාර රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා යොමු කිරීමට සැළසුම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක සඳහන් කරයි.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුම හේතුවෙන් වෙනත් බන්ධනාගාර වෙත යොමු යොමුකළ රැඳවියන් සහ රැඳවූවන් නඩු කටයුතු සදහා අධිකරණ වෙත ගෙන ඒමට පහසුකම් සැළසීම ගැටලුවක් වී ඇති බැවින් මෙම තීරණය ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වු ගැටුමින් සිදුවු හානිය පිළිබදව තක්සේරු කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.