මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසනුයේ එම රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරනුයේ දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට අද (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා ඇති බවයි .
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම ගැන මෙන්ම සෙසු බන්ධනාගාරවල මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය .