බන්ධනාගාර ගැටුමෙන් තුවාලලත් තවත් නියාමකවරයෙකු මියයයි .

මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව ගැටුමින් මියගිය පුද්ගලයින් ගණන 28 දක්වා ඉහළයන ලදි .

පසුගිය 6 වෙනිදා උදෑසන දෙවන වතාවටත් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7දෙනෙකුට දිවි අහිමි වුණි. ඒ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේය.

ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ දේහයන් වැලිකඩ බන්ධනාගාරය වෙත අවසන් ගෞරවය සඳහා අද (08) උදෑසන රැගෙන ආවේය.

අවසන් ගෞරව දැක්වීමෙන් පසු දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.