මීගමුව බන්ධනාගාරයේ ගැටුමක්. දෙදෙනෙක් මරුට . රැඳවියනුත් වහළ උඩට

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර අද (05) හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි .

අද දහවල් මෙම ගැටුම හටගෙන ඇත . එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවූවන් 25 කට අධික සංඛ්‍යාවක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත . එලෙස ඇතුළත් කරන ලද පිරිසෙන් 10 දෙනෙක් සඳහා සැත්කම් සිදුකළ බවත්, බරපතල තත්ත්වයේ පසුවූ රැඳවූවන් දෙදෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බවත් වාර්තා වේ. සෙසු තුවාලකරුවෝ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති .

බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්ද වහළයක් මතට නැගී විරෝධතාවය දක්වූ බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදු වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි .