අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්රී ලංකා සමාගමේ හිටපු අධ්යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අරුණ ශ්රී චතුරංග යන අය ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත .
ඒ එම සැකකරුවන් තිදෙනා අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය .
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග වලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දීම සඳහා රුපියල් ලක්ෂ 1200ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම තිදෙනා ඉකුත් 25 වනදා අත් අඩංගුවට ගන්නා ලදි .