ලොතරැයි මණ්ඩළයේ හිටපු සභාපතිනිය අල්ලස් කොමිසමේ අත් අඩංගුවට .

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දූෂණය නැමති වරද සිදුකළේයයි ඇය අත් අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟිනි .

ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරියව සිටි සමයේ සේවයට බඳවාගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයට නොයොදවා එවකට අමාත්‍ ඩධුරයක් දැරූ රවී කරුණානායකගේ කාර්යාල මණ්ඩලයේ සේවයට යෙදවීම තුළින් දුෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාවට ඇය අත් අඩංගුවට ගෙන ඇත.