කුඩා ඉත්තෑ පැටවෙකු සමඟ කුඹුරු යායක් මැදින් ඇවිද යන පුංචි දැරියකගේ සංවේදී වීඩියෝව බංග්ලාදේශයේ නොව ශ්‍රී ලංකාවේ එකක් බව මේවන බිට තවුරුව ඇත.
එය මීට දින කිහිපයකට පෙරා පොලොන්නරුව ප්‍රදේශයේ ෆේස්බුක් භාවෛත කරන්නෙක් වීසින් අන්තර්ජාලයට මුදාහැර ඇතිබවත්, එහි මුල් සටහන සිංහලෙන් ලියා ඇතිබවත් මේවන විට තහවුරුව ඇත.
ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ හදවත් දිනාගත් මෙම සංවේදී වීඩියෝවේ කුඩා දරියක් පසුපස දිවයන ඉත්තවෙකුගේ දර්ශනයක් ඇතුලත්වන අතර එය බංග්ලාදේශයේ දැරියකගේ බවට අසත්‍ය සටහන් යොදමින් සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් සංසරණය විය. බ්‍රිතාන්‍යයේ ‘ද ටෙලිග්රාෆ්’ (The Telegraph) ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පවා මෙම අසත්‍ය තොරතුර එලෙසින්ම වාර්තා කර තිබුනි
බංග්ලාදේශයේ සිට ක්‍රියාත්මක වන ‘ස්ට්‍රීම්’ (Stream) නැමැති කරුණු තහවුරු කිරීමේ (Fact-checking) ආයතනය ද රූප ප්‍රතිලෝම සෙවුම් තාක්ෂණය (Reverse Image Search) ඔස්සේ සිදුකළ පරීක්ෂණයකදී එම වීඩියෝව ශ්‍රී ලංකාවේ රූගත කර අන්තර්ජාකයට එක් කළ එකක් බව තහවුරුව ඇත .