වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ නොකරන්නේනම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසීය .
ඔහු පවසනුයේ වාර්ෂික බස්ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව මෙවර බස් ගාස්තුව සංශෝධනය විය යුතු ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ වන විටත් දැනුම් දී ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් බස් සංගම් සමග මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බවත්ය.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් පැවසූවේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව මේ වන විටත් කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇතිබවය . ඊට අනුමැතිය ලදහොත් පමණක් බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ හැකිබව ඔහු පැවසීය .