ලොව පුරා සිටින බිලියන 3ක පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළදී විශේෂ පහසුකමක් ලබාදීමට කටයුතු කරනා බව WhatsApp හි නිෂ්පාදන ප්‍රධානී ඇලිස් නිව්ටන්-රෙක්ස් පවසයි.
ඒ අනුව ගිණුම් හිමියාගේ දුරකථන අංකය වෙනත් අයට නොපෙනෙන පරිදි පවත්වාගෙන යාමට හැකි නව පහසුකමක් WhatsApp සිය පරිශීලකයන්ට ලබාදීමට නියමිත බවත්, එම පහසුකම සක්‍රීය වීමත් සමග අනාගතයේදී පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් WhatsApp ගිණුමක් පවත්වාගෙන යාමට හැකිවනු ඇතිබවත් ඔහු පවසයි .
කෙසේ වෙතත් WhatsApp ගිණුමක් ආරම්භ කිරීමට තවදුරටත් දුරකථන අංකයක් අනිවාර්ය වන බවත්, නව පහසුකම සක්‍රීය වූ පසු අන් අයට ඔබේ දුරකථන අංකය නොපෙනෙන පරිදි පවත්වාගෙන යා හැකිවනු ඇතිබවත් ඔහු සඳහන් කරයි .
මේ නව පහසුකම සක්‍රීය කර ගැනීම අනිවාර්යය නොවන අතර කැමති අයට පමණක් තමන්ට අවශ්‍ය පරිශීලක නාමයක් (Username) වෙන් කරවා ගැනීමෙන් භාවිත කළ හැක. එමෙන්ම වරක් තමන් තෝරාගත් පරිශීලක නාමය ඕනෑම වේලාවක ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමේ අවස්ථාවද පරිශීලකයන්ට හිමිවෙයි .
Username සෑදීමේදී පරිශීලක නාමය භාවිත කළ හැකි අකුරු හෝ සංඛේත සංඛ්‍යාව 35 කට සීමාකර අතර ප්‍රසිද්ධ චරිතවල නම් වෙනත් අයට ව්‍යාජ ලෙස භාවිත කිරීමට නොහැකි වන සේ සීමාද පනවා ඇත.
නව පහසුකම සක්‍රීය විමත් සමග Group Chat සඳහා එක්ව සිටිනා පරිශීලකයන්ට වැඩි ආරක්ෂාවක් හිමිවෙයි .