ඉන්ධන වර්ග දෙකක මිල පහළ දමයි.

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි, ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ .

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414 ක් ලෙස දැක්වෙයි .

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382 ක් ලෙස දැක්වෙයි .

කෙසේ නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි .