හෙට සිට දින තුනක් සූර්ය විදුලි පද්ධති අක්‍රීය කරන්නට කියයි .

වහල මත සවිකර ඇති ඒකක 300 ට වැඩි සූර්ය පැනල පද්ධති හිමිකරුවන්ගෙන් සිය පද්ධති අක්‍රීය කරනා මෙන රජය ඉල්ලීමක් කරයි .

ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා ඒකක 300 ට වඩා ධාරිතාවක් සහිත පාරිභෝගිකයින් එම සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් ඉල්ලා සිටියි .

අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම පද්ධතිය ක්‍රියා විරහිත කිරීම තුළින් පසුගිය වෙසක් දිනයේදී ඇති වූ හදිසි විදුලි බිඳ වැටීම වළක්වා ගත හැකි බවය.