බලපත්‍රයක් නොමැතිව විදේශීය මත්පැන් විකුණු කොළඹ පෝර්ට්සිටියේ අවන්හලකට රුපියල් 285,000 ක දඩ මුදලක් නියමකර ඇත . ඒ එම අවන්හලට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැනවූ නඩුවකදීය .
එම අවන්හලෙ තිබියදී අත් අඩංගුවට ගත් විදේශ මත්පැන් බෝතල් සියයකට ආසන්න ප්‍රමාණයක්ද රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර ඇත. එම අවහන්හල මීට වසර තුනකට පමණ පෙර කොළඹ පෝර්ට් සිටියේ ආරම්භ කර ඇති අතර එතැන් සිට මේ දක්වා මත්පැන් විකිණීම සඳහා බලපත්‍රයක් ලබාගෙන නැත .