පාතාල සාමාජික හරක් කටාගෙන් අලස්ගැනීමේ චෝදනාවට නීතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත් අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සංවිධානාත්මක අපරාධ කරුවා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම ඇතුළු කටයුතු රැසක් කර දීමට පොරොන්දු වී ඒ සඳහා රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා පසුව අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 12 ක් ලබාගත්බවට ඔවුනට එරෙහිව චෝදනා රැසක් ඔවුනට එල්ල වී ඇත.

මෙම දෙදෙනා සමග සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයද අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් අත් අඩංගුවට ගෙන ඇත . මෙම පිරිස සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන නඳුන් චින්තක යන අයට ලබාදුන් පොරොන්දු අතර සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමද ඇතුලත් බව වාර්තා වේ .

එම කටයුතු කර දීම වෙනුවෙන් 2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේදී ඉහත සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් කෝටි 20 ක් දක්වා අඩුකර අත්තිකාරමක් වශයෙන් රුපියල් කෝටි 12 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවට සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබේ.

මෙම තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.