කොවිඩ් වසංගතයට පෙර දෛනිකව ධාවනය කළ දුම්රිය ගමන් වාර ප්රමාණයට සාපේක්ෂව මේ වන විට ධාවනය වන්නේ, දුම්රිය ගමන්වාර 200 කටත් අඩු ප්රමාණයක් ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
එම සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ, කොවිඩ් වසංගතයට පෙර මිශ්ර දුම්රිය, සාමාන්ය දුම්රිය, තෙල් ප්රවාහන දුම්රිය සහ භාණ්ඩ ප්රවාහන දුම්රිය ඇතුළු දෛනික දුම්රිය ගමන් වාර 420කට වැඩි ප්රමාණයක් ධාවනය වූ බවය.
කෙසේ වෙතත්, වසංගතයෙන් පසු එම ප්රමාණය 350කට පමණ සීමා වූ බවත්, පසුව එය 250කට ආසන්න මට්ටමකට පහත වැටුණු බවත් ඔහු පැවසීය.
මේ වන විට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන් වාර සංඛ්යාව 200කටත් අඩු වී ඇති අතර, ධාවනය වන දුම්රිය පවා නියමිත කාලසටහන් අනුව ක්රියාත්මක නොවන බවට ඔහු චෝදනා කරයි.