පාරම්පරික ඉඩම් අයිතිය ඉල්ලා ආදිවාසී නායකයා අගමැතිණිය හමුවෙයි .

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියැලැත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ පැවැති බව වාර්තා වේ .

සිදුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි .

මෙම හමුවේදී මෙරට ආදිවාසී ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත . එහිදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් විසින් තම ජනතාවට සිය පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී ඇති වන දුෂ්කරතා පිළිබඳව අගමැතිතිණියගේ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බව තම රජය පිළිගන්නා බව අගමැතිණිය එහිදී පවසා ඇත . එහී අයිතිය නෛතිකව බලාත්මක කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද අගමැතිණිය ආදිවාසී නායකයාට පවසා ඇත .

මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් ආධිවාසී ගම්මානයක් වූ හෙන්නානිගල වැසියෝ පීඩාවට පත්වූ නමුත් ඔවුනට මෙතෙක් සහනාධාර නොලැබුන බව ආදිවාසී නායකයා අගමැතිණියට දන්වා සිටියේය . වහා ක්‍රියාත්මක වූ අගමැතිණිය එම අවස්ථාවේදිම අදාළ නිලධාරීන් දැනුවත් කර එම පවුල් සඳහා විධිමත් ලෙස සහන ලබා දීමටද පියවර ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි .