දිස්ත්‍රික් හතරකට නායයාමේ නිවේදන නිකුත් වෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ (කහ පැහැති) නිවේදන නිකුත් කර තිබේ . අද (12) පෙ.ව. 4.00 සිට හෙට (13) පෙ.ව. 4.00 වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බව එම ආයතනය පවසයි .

එම දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

කලුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කය: දොළුව, නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කය: පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන, නිවිතිගල .