මෙල්බන් ගිය ශ්‍රීලංකන් යානයකට අකුණක් වදියි .

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ඊයේ රාත්‍රියේ පිටත් වූ ගුවන් යානයක් අකුණු සැක වැදිමක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්සවීමට සිදු වූ බව බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම පැවසයි .

යූ.එල්. 606 දරණ මෙම ගුවන් යානයේ එක් එන්ජිමකට අකුණු සැර වැදීම සිදුව ඇති අතර ආරක්ෂිත පියවරක් වශයෙන් ගුවන් යානය යළි කටුනායක ගුවත් තොටුපොළ වෙත ගොඩබෑමට කටයුතු කළ බව සඳහන් වේ .

අනතුරුව එම යානයේ ගමන් කරමින් සිටී මගීන් පිරිස වෙනත් ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්කර ඇති අතර මේ හේතුවෙන් ගුවන් ගමන පැය 5 කට අධික කාලයක් ප්‍රමාද වී තිබේ.

සිද්ධියෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයකු පැවසීය .