පසුගිය 08 වැනිදා ආරම්භ වූ විශේෂ ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනේදී ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268 ක් හඳුනාගෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි .
පුරා දින තුනක් පැවති මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වූ අතර එහිදී පරිශ්‍ර 97,871ක් පරික්ෂාවට ලක්විය . ඒ අතරින් පරිශ්‍ර 6,268ක ඩෙංගු මදුරු කීටයන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය අද (11) නිකුත්කළ වාර්තාවට අනුව, පරීක්ෂාවට ලක්කළ පරිශ්‍රවලින් 25,626ක් හෙවත් සියයට 26.2ක් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම පරිශ්‍ර 6,268ක හෙවත් 6.4% ක ඩෙංගු මදුරු කීටයන් සිටින බව තහවුරු වී තිබේ.
කර්මාන්තශාලා සහ ඉදිකිරීම් බිම් ආශ්‍රිතව වැඩිම ඩෙංගු මදුරු කීට ප්‍රතිශතයක් වාර්තා වී ඇති අතර, පරීක්ෂාවට ලක්කළ කර්මාන්තශාලා පරිශ්‍රවලින් 32.9% ක සහ ඉදිකිරීම් බිම්වලින් 21.8%ක මදුරු කීටයන් හඳුනාගෙන ඇත.
නිවාස 89,417ක් පරීක්ෂා කර ඇති අතර ඉන් නිවාස 5,250ක මදුරු කීටයන් සිටින බව තහවුරු කරගෙන ඇත .
මදුරුවන් බෝවන ලෙස පවත්වාගෙන ගිය පරිශ්‍ර 21,025ක් එම අවස්ථාවේදීම පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති අතර, නීතිමය උපදෙස් ඇතුළත් රතු නිවේදන 3,348 ක් නිකුත් කර ඇත. තවද සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළ පරිශ්‍ර හිමියන් 2,401 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර තිබේ.