එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවැත් වූ බව එම පක්ෂයේ මාධ්‍ය අංශය පවසයි .
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසක් ඊට සහභාගී වූ අතර එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුකළ බව වාර්තා වේ.
එහිදී පක්ෂ සංවිධානය යළි ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංවිධානය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වැදගත් යෝජනා සහ අදහස් රැසක් ඉදිරිපත් වූ බවත්, අනෙකුත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සමඟ ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ද සාකච්චා කළ බව වාර්තා වේ .
රැස්වීම අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ තනි තනිව කටයුතු කිරීම වෙනුවට විවිධ බලවේග එක් කරගනිමින් ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ගෙන එනු ඇති බවයි .