ශානි අබේසේකර බුද්ධි අංශ දුර්වල කළ බව බෙංගමුවේ නාලක හිමියෝ පවසති .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර දිගු කලක සිට මෙරට බුද්ධි අංශ දුර්වල කිරීම සඳහා කටයුතු කරමින් සිටිනා පුද්ගලයෙක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පවසති . ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ගැණ සලකා තමන්වහන්සේ පවසන බව උන්වහන්සේ පැවසූහ .

වරක් කොළඹ නගරය සම්පූර්ණයෙන් විනාශ කිරීම සඳහා සූදානම් කර තිබූ එල්.ටී.ටී.ඊ. බෝම්බ ලොරියක් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් කණ්ඩායම වැරදිකරුවන් කිරීමට ශානි අබේසේකර කටයුතු කළ බවත්, ඊට අදාල සියළු තොරතුරු වාර්තා වී ඇති බවද උන්වහන්සේ පැවසූහ . එහෙත් ආරක්ෂක හේතූන් මත එම තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ නම් ගම් හෙළි කළ නොකරන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ .

මීට අමතරව, සිරිල් ගාමිණී පියතුමාගේ හැසිරීම් රටාව මුල සිටම නිරීක්ෂණය කළ බවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින බව පැවසුවද, ඔහු එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න පිළිබඳව තමන්ට සැකයක් පවතින බවද බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී පවසූහ .

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වද හිංසාවට ලක්වීම පිළිබඳව මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ .