ඉන්ධන අර්බුදය හමුවේ QR කේතය දැඩිව ක්‍රියාත්මක කිරීමේ තීන්දුවක් .

වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව අදහස් දක්වයි .

ලෝක වෙලඳපොළේ මිල ඉහළ යාම හමුවේ ඉන්ධන ආනායනය සඳහා වැයවන විනිමය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් මාර්තු මාසයේ ඩොලර් මිලියන 180 ක් වූ ඉන්ධන ආනයන වියදම මැයි මාසයේ ඩොලර් මිලියන 524 දක්ව ඉහළ ගොස් ඇතිබව අඔහු පැවසීය . ඒ අනුව දැනට ක්‍රියාත්මක වන QR කේත පදනම් කරගත් ඉන්ධන කෝටා ක්‍රමය අනාගතයේදී දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය .

අද (01) මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පවතින අර්බුදය තුළ ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට නියාමනය කිරීම සහ සීමා කිරීම මෙම පියවරේ අරමුණ බවත් එමගින් ආර්ථිකයට වන බලපෑම යම් පමනකින් අවම කරගත හැකිවනු ඇතිබවත් ඔහු පැවසීය .