බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පවතින වගකීම්, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරී ඇති කාර්යයන් සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී ඇති වී තිබෙන දැඩි අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව මෙ සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි

.