දංගෙදර හන්දියේ වෙඩිකෑ පුද්ගලයා කරාපිටියේදී මරුට .

ගාල්ල, දංගෙදර ඩික්සන් මංසන්ධියේදී අද (12) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇත . මෝටර් රියකින් නාදුනන තුවක්කුකරුවෙක් පුද්ගලයෙක් ඉලක්කකර වෙඩි තැබීමෙන් අනතුරුව පලාගොස් අත.

වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත .

අද උදෑසන 7.30 ට පමණ සිදු වී මෙම වෙඩිතැබීමට හේතුව කුමක්දැයි තවමත් වාර්තා වී නැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත .