වාණිජ නෞකා මෙහෙයුම් සඳහා බාධා කළ ඉරාන බෝට්ටු හයක් ගිල්වාදමයි .

අමෙරිකානු හමුදා වත්කම් සහ මධ්‍යස්ථානවලින් ඈත්ව සිටීම ඉරානයට යහමත්වනුඅ ඇති බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසයි .

ඉරානයට අනතුරු අඟවමින් අදහස් දැක්වූ ඔහු පැවසූවේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ‘Project Freedom’ මෙහෙයුමේදී වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු හයක් ගිල්වා දැමූ බවත්, ඉරාන කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ බවත්ය.

මෙය ආරක්ෂක මෙහෙයුමක් වන බවත්, ඒ සඳහා බැලැස්ටික් විරෝධී මිසයිල නාශක නෞකා යොදවා ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය . ගල්ෆ් මුහුදු සීමාවේ රටවල් 87කට අයත් නෞකා පවතින බවත්, බියකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කරන ලෙසත් ඔහු එම නෞකාවලින් ඉල්ලා සිටියි.