ලක්විජය බලාගාරයේ භාවිතය උදෙසා ගල් අඟුරු ගෙන ඒමේ ක්‍රියාවලියේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් ලඟදීම ප්‍රධාන අමාත්‍යංශයක ලේකම්වරයෙක් ඉල්ලා අස්වීමට නියමිත බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ පවසයි . ඔහු මේ බව පැවසූවේ ”Count Dawn with Waruna” යූ ටියුබ් වැඩසටහන ඉදීරිපත්කරමිනි .
මේ සම්බන්ධයෙන් එකී ලේකම්වරයා කිහිප දෙනෙකු මුණගැසී ප්‍රශ්ණය ගොඩින් බේරා දෙන ලෙස ඉල්ලා අතැයිද හෙතෙම කීය. එලෙස හමුවූ පිරිස අතර ප්‍රබල පුද්ගලයෙකුගේ භාර්‍යාවද සිටිනා බව වාර්තා වේ . පසුගිය වසර කිහිපය පුරා මෙරට ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය විවිධ චෝදනා සහ අර්බුදයන්ට මැදි විය. මෙවර සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම දෝෂ සහගත බව විපක්ෂය අඛණ්ඩව පවසමින් සිටී .
මෙම අමාත්‍යශ ලේකම්වරයාට අමතරව තවත් අමාත්‍යවරයෙක්ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය සූදානම් කරගෙන සිටිනා බවත්, ඔහු එය තම මිතුරන් කිහිප දෙනෙකුට පෙන්වා ඇති බවත් වරුණ රාජපක්ෂ පැවසීය .