නිකවැරටිය කොබෙයිගනේ ප්රදේශයේදී දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරු දහන් වූ පිරිසෙන් තවත් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
ඒ අනුව මේ දක්වා එම සිදුවීමෙන් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් ඇත. අතුරුදහන් වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සොයා මෙහෙයුම් ක්රියාත්මක වන අතර, තවත් දෙදෙනෙක් රෝහල් ගතකර ඇත.
කොබෙයිගනේ ප්රදේශයේ ඥාති නිවසකට පැමිණි කඩවත ප්රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක්, ඥාති නිවසේ සිටි තවත් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා දැදුරු ඔය වෙත ගොස්ඇත. එහිදී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි .