කුවේටයේ තෙල් නැවකට ඉරන මිසයිල ප්‍රහාරයක් .

ඩුබායි වරායක නවතා තිබූ තම බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . මෙම ප්‍රහාරයෙන් නෞකාවට හානි සිදුව ඇතත් ජීවිත හානි වාර්තා වී නැති බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි .

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ නෞකාව තෙල්වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර, ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගෙන ඇත. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24දෙනාම ආරක්ෂිතව ගලවා ගත් බවයි.