ගෝලීය සිදුවීම් හමුවේ ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම් සලකා බලා, ඕනෑම මොහොතක සටන් බිමට අවතීර්ණ වීමට උපරිම සූදානමකින් පසුවන ලෙස ඇමරිකානු මැරීන් බලකා සහ මැරීන් බලකා දකුණු විධානයේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ලෙනාඩ් එෆ්. ඇන්ඩර්සන් සිය සෙබළුන්ට නියොග කර ඇත .
මෙම ලිපිය මගින් ඔහු අවධාරණය කරන්නේ වර්තමානය යනු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක මොහොතක් බවයි. විශේෂයෙන්ම ඉරානය ආශ්‍රිත මෙහෙයුම් සඳහා දැනටමත් හමුදා කණ්ඩායම් සම්බන්ධ වී සිටින අතර බටහිර අර්ධගෝලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සෙබළුන් ස්ථාපිත කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
සෙබළුන් හට සෘජු ප්‍රශ්න කිහිපයක් යොමු කරමින් ජෙනරාල්වරයා පවසා සිටින්නේ, ක්ෂණික මෙහෙයුමක් සඳහා කැඳවීමක් ලැබුණු විට තම යුධ උපකරණ සහ පෞද්ගලික කටයුතු සූදානම්ද යන්න සෑම සෙබළෙකුම වගකීමෙන් පරීක්ෂා කළ යුතු බවයි.