යේමනයේ සිට ක්‍රියාත්මක හුතීසටන් කාමීහු බාබ් අල්-මැන්ඩෙබ් රතු මුහුද අහ ඒඩන් බොක්ක අතර නාවික ගමනාගමනය නතර කරනාබවට තර්ජනය කරති .
බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය රතු මුහුද ඒඩන් බොක්ක සමඟ සම්බන්ධ කරන සැතපුම් 18 ක් පළල ජල මාර්ගයකි. ඊජිප්තුවේ සූවස් ඇළ දෙසට මුහුදු ගමනාගමනය පාලනය කිරීමට යොදාගත හැකි එම සමුද්‍ර සන්ධිය ලෝක තෙල් සහ ගෑස් ප්‍රවාහනයේදී හෝමූස් සමුද්‍රසන්ධිය තරමටම වැදගත් කමකින් යුක්තය
ගල්ෆ් කළපයේ ක්‍රියාත්මක දෙවන වැදගත් තෙල් නැව් මාර්ගය වන්නේ බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියයි . එය අවහිර කිරීම ගෝලීය ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි බව දන්නා හුතී සටන් කාමීන් කඩිනමින් එම සමුද්‍ර මාර්ගය අවහිර කරනා බව පවසති .
හෝමූස් සහ බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර මාර්ග දෙකම අවහිර වීම නිසා ගල්ෆ් අර්බුදය කලාපයෙන් ඔබ්බට පැතිරෙන අතර, එය සැපයුම් දාම බිඳ දැමීමට මෙන්ම බලශක්ති වෙළඳපොළ අස්ථාවර කිරීමටද හේතු විය හැක . එමෙන්ම ලොව පුරා නැව්ගත කිරීමේ පිරිවැයටද එය තීරණාත්මක ලෙස බලපෑම් කරයි .
ගෝලීය මුහුදු මාර්ගවලින් 10% ලෝකයේ බහාලුම් ගමනාගමනයෙන් පහෙන් එකක් සහ මෝටර් රථ නැව්ගත කිරීම් සහ බොරතෙල් ප්‍රවාහනයෙන් 10% ඇතුළු ගෝලීය වාණිජ වෙළඳාමෙන් සැලකිවයුතු කොටසක් රතු මුහුද හරහා සිදු කරයි.