සුළඟ එන්න අරින ජනෙල්වලින් හොරු ගෙවල් ඇතුලට

උෂ්ණත්වය ඉහළ යාම නිසා බොහෝ නිවැසියන් රාත්‍රියේදී වාතාශ්‍රය සඳහා ජනෙල් සහ දොරවල් විවෘතව තැබීමට පෙළඹෙන බවත්, එලෙස විවෘතකරනා දොරවල් තුළින් සොරුන් සහ අපරාධකරුවන් ගෙවල් වලට ඇතුළුවූ අවස්තා කිහිපයක් වාර්තාවන බවත් පොලිසිය නිකුත් කළ උපදේශනයේ සඳහන් වෙයි .

ඒ අනුව නින්දට යාමට පෙර දොර අගුල් පරීක්ෂාකර, අවශ්‍ය සියලු ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කරනා ලෙසත්, වාතාශ්‍රය සඳහා විවෘතව තබා ඇති ජනේලවලට ආරක්ෂිත ලෝහ ග්‍රිල් සවි කිරීම, සියලුම දොරවල්, ජනෙල් සහ ගේට්ටු නිසි ලෙස අගුළු දමා ඇති බව සහතික කිරීම සහ අනවසරයෙන් ඇතුළුවන්නන් වැළැක්වීම සඳහා ප්‍රමාණවත් එළිමහන් ආලෝක තත්ත්වයක් පවත්වාගෙන යන ලෙසත් එකී උපදේශනයේ සඳහන් වෙයි .