කෘෂි කර්මාන්තයේ නියුතු වූවන්, ධීවරයන් සහ තවත් පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR කේත කිහිපයක් හඳුන්වා දීමට අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා පවසයි .
මෙම නව කේත වාහන රහිත QR ක්‍රමවේදයක් ලෙස හඳුන්වදීමට නියමිතය .
ග්‍රාමසේවක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සම්බන්ධව දැනුවත් කර මෙම නව QR ක්‍රමවේදය නිර්මාණය කර ගත හැකි බවත්, එය පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට නිර්මාණය වන බවත් සභාපතිවරයා පැවසීය. මෙම නව QR කේතය ක්‍රම කිහිපයක් යටතේ නිර්මාණය වන බවත් ඒ අනුව එහි කාණ්ඩ 7ක් යටතේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බව වාර්තා වේ.