කෙහෙළියගේ නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කරයි .

2022 වසරේදී ලියාපදිංචි නොවූ සමාගමකින් ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම හරහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය .

Transparency International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රෙෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය . ඉන්දියානු ණය ආධාර යටතේ සිදුකළ ඖෂධ මිලදී ගැනිමහදී මෙම අක්‍රමිකතාවය සිදුකළ බවට මෙම නඩුව ගොනුකර තිබුනි .

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක් රජයට ගෙවිය යුතු බව එම නඩු තීන්දුවේ සඳහන් වෙයි . එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත රුපියල් මිලියන 50ක්, NMRA හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න: රුපියල් මිලියන 50ක්, NMRA ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන රුපියල් මිලියන 50ක් බැගින් රජයට ගෙවිය යුතු බව නියෝගයේ සඳහන් වෙයි .