2002 වසරේ තණමල්විල ප්රදේශයේ සිදු වූ පංච පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකුට මොනරාගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත .
2002 ජුනි 6 වන දින තණමල්විල, කිතුල්කොටේ ප්රදේශයේදී ටී-56 ගිනිඅවි සහ බෝර 12 තුවක්කු භාවිතා කරමින් පුද්ගලයින් කිහිපදෙනෙකුට වෙඩි තබා ඝාතනය කෙරුණ අතර මියගිය පිරිස අතර එවකට 13 හැවිරිදි වියේ පසුවූ දැරියක්ද විය.
තණමල්විල ප්රදේශයේ පදිංචි ගමගේ බංදුල හරිස්චන්ද්ර සහ කෝන්තැටිආර සහ සූරියවැව ප්රදේශයේ පදිංචි රුවන් ප්රසන්න යන පුද්ගලයින් දෙදෙනාට එරෙහිව එරෙහිව මෙලෙස මරණ දඬුවම ක්රියාත්මක කර තිබේ.