අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව මත වියට්නාම ජාතිකයන් නව දෙනෙකු අඟහරුවාදා ඊයේ පස්වරුවේ පෝද්දල ගොඩකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිලිස් මාධ්‍ය අංශය පවසයි .
සැකකරුවන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ඇතුළු වී අන්තර්ජාලය හරහා වංචනික මුදල් ගනුදෙනු කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත .
බූස්ස හමුදා බුද්ධි ඒකකය විසින් ලබා දුන් බුද්ධි තොරතුරක් මත ගාල්ල පොලිසියේ නිලධාරීන්න විසින් මෙම වැටලීම සිදු කර ඇත . මෙම නීතිවිරෝධී කටයුතු සඳහා භාවිත කළ
මෙම නීති විරෝධී කටයුතු සඳහා භාවිතා කළ බවට විශ්වාස කෙරෙන ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන 84 ක් පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පෝද්දල පොලිසියට භාර දී ඇත. ඔවුන් අතර ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.