දැනට ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ තබා ඇති ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය .
ගාල්ල වරාය පොලිසිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අද (11) උදෑසන මෙම නියෝගය නිකුත් කළේය .