බණ්ඩාරවෙල ප්රධාන බස් නැවතුම්පොළේ රාත්රියේ නතර කර තිබූ ශ්රී ලංගම බස් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ඇටම්පිටිය වතුයායේ පදිංචිකරුවෙකි.
වැල්ලවාය ඩිපෝවට අයත් මෙම බස් රිය බණ්ඩාරවෙල – මාතර මාර්ගයේ ධාවනය වන ශ්රී ලංගම බස් රථය පසුදා උදෑසන මාතර බලා පිටත් වීමේ අරමුණින් බන්ඩාරවෙල බස් නැවතුම්පොළේ නවතා තිබියදී මෙම සොරගැනීම සිදුව ඇත .
මත්පැන් පානය කර බස් නැවතුම්පොළට පැමිණි සැකකරු බස් රථයට නැඟී එහි නිදාගෙන සිටියේය. පසුදා උදෑසන ඔහු බස් රථය පණ ගන්වා බණ්ඩාරවෙල – කොළඹ ප්රධාන මාර්ගය ඔස්සේ එය පදවාගෙන ගොස් දියතලාව හරහා වැලිහෙල ප්රදේශයට ගොස් එය පාර අයිනේ දමා ගොස් තිබුණි.