විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමෙන් පසු එහි සේවාවන් සඳහා ස්ථාපිත සමාගම් හයෙන් දෙකක් සිය සේවකයන් වෙත අනතුරු ඇඟාවීමේ ලිපි නිකුත් කර ඇත.
ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිම්ටඩ් යන සමාගම් දෙක මෙසේ සිය සේවකයන් වෙත නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරනා ලෙසයි .
තම රාජකරි සුපුරුදු පරිදි ඉටුකිරීම මගින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස එම සමාගම් දෙක විදුලි සේවකයන්ගෙන් ඉල්ලා ඇත.
විදුලිබල සැපයුමට අදාළ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් සිය රාජකාරී ඉටු කිරීම පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි කඩකිරීමක් බවත් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එම සමාගම් සිය නිවේදන මගින් ඉල්ලා සිටී .
සියකු සේවකයින් නව සමාගම් දෙකට බදවාගනිමින් ඔවුන් වෙත පත්වීම් ලිපි ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බවද එම නිවේදනයන් හි සඳහන් වෙයි .