පහරදීම් නතර කරනා බවට ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්.

සිය අසල්වැසි රටවලට නැවත ප්‍රහාර එල්ල කිරීමට අදහස් නොකරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසයි . එමෙන්ම පසුගිය දිනවල සිය අසල්වැසි රාජ්‍යන් ඉලක්කකර සිදුකළ ප්‍රහාර සඳහා ඉරාන ජනාධිපතිවරයා එම රටවලින් සමාව අයැද සිටි බවද වාර්තා වේ .

ඊයේ (6) ඉරාන අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවත්වූ බවත් එහිදී මෙම තීරණයට එලැබි බවත් ඉරාන ජනාධිපතිවරය පවසීය .

”අපි නැවත අසල්වැසි රාජ්‍යන්ට පහර දෙන්නේ නෑ . එම රටවලින් අපට ප්‍රහාරයක් එල්ලවුවහොත් මිස අපි නැවත පහර දීමකට යන්නේ නෑ” යනුවෙන් ඉරාන නායකයා පැවසී බව අල්ජසීරා මාධ්‍ය ආයතනය වාර්තා කර තිබුනි.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර දියත් කරන ලද යුද්ධය, එහි දෙවන සතියට එළඹෙන අවස්ථාවේ ඉරාන නායකයා මේ ප්‍රකාශය කර ඇත .

ජාත්‍යන්තර නීතිය සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් නේවාසික ප්‍රදේශ, පාසල් සහ රෝහල්වලට පහර දීම ගැන සඳහන් කරමින් ඔහු සිය ප්‍රකාශය ආරම්න්හ කළ ඉරාන ජනධිපතිවරයා ඇමරිකානුවන්ට අවශ්‍ය වන්නේ කොන්දේසි විරහිතව යටත් වීම බවත්, එය කෙදිනකවත් සිදු නොවනා බවත් සඳහන් කළේය .

සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, බහරේන් සහ ඕමානය, යන ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල් තුළ එක්සත් ජනපද වත්කම් පැවතීම හේතුවෙන් එම රටවලට පහර දීමට සිදුවූ බවද ඔහු පැවසීය . එහෙත් ඉරාකය, ජෝර්දානය, අසර්බයිජානය සහ තුර්කියටද ප්‍රහාර එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

යුද්ධයේ පළමු සතිය තුළ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජාතිකයින් 1,200 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. ඉරානයා කුවේටයට එල්ලකළ ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇත .