බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇතිබව වාර්තා වේ .
2016 වර්ෂයේදී පොහොර සමාගමක සේවය කළ සමයේ, පෞද්ගලික ආයතනයකට අනිසි වාසියක් අත්වන අයුරින් ප්‍රසම්පාදන කටයුතු මෙහෙයවීමෙන් දූෂණය නැමැති වරද සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත .
එම සිදුවීමෙන් රජයට සිදුව ඇති පාඩුව සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව දූෂණ විරෝධී පනතට අනුව මෙම නඩුව පවරා තිබෙනවා.