අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් තුවක්කුකරුත් අත්අඩංගුවට

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මොණරාගල, හුළංදාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .

මොණරාගල, පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත්බව එම නිවේදනයේ සඳහන් වෙයි .

මෙම සැකකරු එම සිදුවීමේ දෙවන වෙඩික්කරුද යන්න පිළිබඳව මුහුණු හඳුනාගැනීමේ ආවේක්ෂණ පද්ධතිය ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටිනා බව වාර්තා වේ.