අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් වෙඩික්කරුවකු පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයා මේවන විටත් විදේශයකට පලාගොස් ඇතිබව පැවසේ . කහදූව ප්රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බව පොලීසිය සඳහන් කරයි .