ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය අවට රථ වාහන තදබදයක් අතිව තිබේ .
එම පාගමන නිසා මේවන විටත් කුමාරතුංග මුනිදාස මාවතේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව වාර්තා වේ .
මහා ශිෂ්‍ය සංගමයේ, කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති හිමිසර දෙනුවන් පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් අත්තනෝමතික ලෙස සරසවි සිසුන් මර්දනය කිරීමට කටයුතු කරන බවය.
විශ්වවිද්‍යාල තුළ සිසුන් විසින් යම් කටයුත්තක් සංවිධානය කරන්නේ නම් එය විශ්වවිද්‍යාල පරිපාලනයෙන් නියාමනය කිරීමට අවශ්‍ය බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් නියම කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය . ඊට එරෙහිව මේ පාගමන සංවිධානය කර ඇති බවත්, මර්ධනීය පියවර නතර නොකළහොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැටලීමට දෙවරක් නොසිතන බවත් ඔහු පැවසීය .