මහමොළකරු නැතිව පාස්කු නඩුව අහන්නේ රාජපක්ෂලා බේරන්නද

පාස්කු ප්‍රහාරය පිළිබඳව නඩු ව්භාගය ආරම්භව ඇතත් එය දිනපතා පැවැත්වීම ප්‍රශ්න සහගත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේත්තු මන්ත්‍රී මුජිබර් හහුමාන් පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහමොළ කරු අත් අඩංගුවට ගන්නා බව මැතිවරණයට පෙර ජාතික ජනබලවේගය ප්‍රකාශ කළ බවත්, මහජන ආරක්ෂාව භාර අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න පාස්කු කොමිසමට මහමොළකරු ලිඛිතව දන්වා අති බවත් ඔහු පැවසීය . එසේ උනත් නඩු විභාගය ආරම්භව ඇත්තේ මහමොළ කරුවෙකු නැතිව බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

එමෙන්ම මෙම නඩුව සතියේ දින පහම විභාග කිරීම නිසා විත්තිකරුවන්ට නීතීඥ සහය ලබාගැනීමට නොහැකිව ඇතිබවත්, එය බරපතල ප්‍රශ්ණයක් බවත් ඔහු පැවසීය . එදා ඝෝඨාභය රාජපක්ෂ සකස් කළ සාක්ෂි ලයිස්තුවට අද නඩු විභාගය පැවැත්වෙන බවත් ඒ අනුව මේ ආණ්ඩුව රාජපක්ෂලා සමග ඩීල් එකක් ඇති බවට සැක සිතෙන්නේයයිද ඔහු වැඩි දුරටත් පැවසීය.