කළුතර සෙන්ට්රල් හන්දිය පැරකුම් මාවතේ ගෙවත්තක තිබී මෝටාර් උණ්ඩ කිහිපයක් හමු වී ඇතිබව පොලිස් ආරංචිමාර්ග පවසයි .
ඉඩමේ හිමිකරුවන් විසින් නිවසක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම පරික්ෂා කිරීමේදී මෙම මෝටාර් උණ්ඩ කිහිපය හමු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ සහය ඇතිව තවදුරටත් විමර්ශන ක්රියාත්මක කරන බව කළුතර දකුණ පොලීසිය සඳහන් කරයි .