අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට අධිකරණයට නියෝග කර ඇත .
ඇය ඊයෙ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඇප මත මුදාහැර ඇත .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි නියෝග කර තිබේ .
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය සහ ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව ඔහුගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට ගෙන තිබුණා.